LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පරිසරවේදී වෑකන්දේ රාහුල ඇතුළු හිමිවරු දෙනමට ඇප.

පසුගිය 09 වෙනිදා බෙලිඅත්ත ප්‍රදේශයේ දේපළ වලට හානි කළා යයි හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිසරවේදී වෑකන්දවල රාහුල ,දේවාලේ ගම පේමරත්න සහා වකමුල්ලේ උදිති යන හිමිවරුන්ට වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (31) ඇප නියම කරන ලදී .

බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිමිවරුන් වහා නිදහස් කරන්නැයි අරගලකරුවන් ඊයේ (31) වළස්මුල්ල අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නියැලුනහ .

වෑකන්දේ රාහුල , දේවාලේ ගම පේමරත්න සහා වකමුල්ලේ උදිත් හිමිවරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ දේශපාලන බලවතුන් ගේ මනදෝලපින විමට බව වාර්තාවේ .

අතීතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නාම ලේඛනයට අනුව රැකියා වලට ගත්තා සේ පසුගිය 09වනදා සිද්ධියට සම්බන්ධ යැයි පුද්ගලයින්ව , පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ ප්‍රදේශීය මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයකට අනුව බව පොලිස් ආරංච් මාර්ග සඳහන් කරයි .

1 thought on “පරිසරවේදී වෑකන්දේ රාහුල ඇතුළු හිමිවරු දෙනමට ඇප.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *